මැටි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය,”MAS ආයතනයේ” ඇණවුම භාර දෙයි (PHOTOS)

November 24, 2020 at 2:11 PM

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ “MAS Intimates(PVT)Ltd.” ආයතනය අතර පසුගිය ඔත්තෝබර් මස 05 වන දින අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව එහි ප්‍රථම ඇණවුම ඊයේ (23) දින බියගම මැටි ගම්මානයේදී ලබාදීමට හැකිවූ බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ප්‍රකාශ කර සිටිනවා.

ගිවිසුම අත්සන් කොට සති 06ක් තුල රාජ්‍ය ආයතනයකින් ඇණවුම ලැබීම පිළිබදව තමා බෙහෙවින් සතුටු වන බව “MAS Intimates(PVT)Ltd.” ආයතනයේ නිෂ්පාදන සහ මෙහෙයුම් අධ්‍යක්ෂක රුවන් කෑරගල පැවසු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ.

තමන් හට වසර 20 කින් මෙවැනි ඇණවුමක් ලැබී නොමැති බවයි බියගම මැටි ගම්මානයේ කර්මාන්ත කරුවන් පැවසූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ.