කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් 30,000ක් පමණ සිටිය හැකි බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.
ඔහු පවසන්නේ අහඹු ලෙස කොළඹ නගරයේ සිදුකළ PCR පරීක්ෂණ 400කින් 19ක් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවයි.
“ඒ අනුව එම ප්‍රතිශතය 5%ක්”
ඔහු සඳහන් කළේය.
කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ දෛනික ජන ඝනත්වය ලක්ශ 6ක් පමණ වන බැවින් මෙම ප්‍රතිශතය ට අනුව 30,000ක් පමණ ආසාදිතයින් කොළඹ සැරිසරන බව ට විශ්වාසකළ හැකි බවයි ඔහු පැවසුවේ.
එම අවදානම සිහියේ තබාගෙන කටයුතු කිරීම වැදගත් බව ඔහු පවසයි.
