පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ එනම් මෙලනියා ට‍්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
2016 වර්ෂයේදී පැවති ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීමෙන් පසු මෙලනියා ට්‍රම්ප් හඬමින් සිය මිතුරියකට පවසා ඇත්තේ සිය ස්වාමිපුරුෂයා ජනාධිපතිවරණය ජයගනු ඇති බවට කිසිදුවිටක තමන් බලාපොරොත්තු නොවූ බවයි.
සත්‍යවශයෙන්ම මෙලනියා ට්‍රම්ප් හට මීට පෙර ට‍්‍රම්ප්ගෙන් දික්කසාද වීමට තීරණය කර තිබුණද සැමියා ජනපති ධුරයට පත්වීම නිසා එය කල්දමා ඇති බවයි ඇයගේ හිටපු ප්‍රධාන සේවිකාව වන ස්ටෙෆනි වොල්කොෆ් වීදෙස් පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ.
මොවුනගේ වසර 15 ක විවාහ දිවිය ඉක්මනින් අවසන් වීමට නියමිත බවයි හිටපු සේවිකාව එම පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ.
එහෙත් ඇයගේ හිටපු සහායිකාව වන ස්ටෙෆනි වොල්කොෆ් කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධනයෙන් සමාන කොටසක් බැරන් ට්‍රම්ප් හට ලබා දීම සඳහා මෙලනියා පශ්චාත් විවාහ ගිවිසුමක් සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි. එමෙන්ම එම සේවිකාව වැඩිදුරටත් කියා ඇත්තේ මේ යුවළ ධවල මන්දිරයේ වෙන වෙනම කාමර දෙකක විසූ බවයි.
මෙලනියා ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට වඩා අවුරුදු 24 කින් බාලය. ට‍්‍රම්ප්ගේ වයස අවුරුදු 74 ක් වන අතර මෙලනියා 50 හැවිරිදිය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධුරය දරන අවස්ථාවේදී මෙලනියා දික්කසාද වීමට අවශ්‍යව සිටියත් එය ඔහුට සිදුවන අවමානයක් නිසා එවැනි තීරණයක් නොගත් බවයි මෙලනියාගේ තවත් හිටපු සේවිකාවක් වන ඔමරෝසා මැනිගෝල්ට් නිව්මන් උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේ පළවන Dailymail පුවත්පත වාර්තා කර සිටියේ.
(