නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 257 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
එලෙස වාර්තා වී ඇති සියලු දෙනා පළමු ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් වනවා.
ඒ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13, 227ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සුවය ලැබූ පිරිස 7,723ක් වනවා. දැනට රෝහල් ගතව සිටින රෝගීන් සංඛ්‍යාව 5474ක්.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා ආසාදිත පොකුරෙන් වාර්තා වී තිබෙන සමස්ත රෝගීන් සංඛ්‍යාව 9,749ක්.