03 වන කොවිඩ් රැල්ල ලබන වසර මුලදී – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

November 6, 2020 at 7:30 PM

03 වන කොවිඩ් රැල්ල ලබන වසර මුලදී ඇතිවිය හැකි බවට පර්යේෂකයින් අනතුරු අඟවා ඇති බවත් වසර දෙකක් ගතවන තෙක් වෛරසය සමග ජිවත් වීමට ලෝකයාට සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කර සිටිනවා.

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් කණ්ඩායම් සඳහන් කරන්නේ 03 වන කොවිඩ් රැල්ලට ලෝකයට ලබන වසරේ මුල වන විට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පෙර අවස්ථාවන් දෙකටම වඩා ඉදිරි රැල්ලේදී ඇතිවන වෛරසය භයානකවන බව පර්යේෂකයින් අනතුරු අඟවා සිටින බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ.

දෙවන කොරෝනා රැල්ල ඇතිවන විටදී වෛරසයට එරෙහිව ප්‍රතිකාරයක් සොයා නොගැනීම නිසා තෙවන රැල්ලේදී ඇතිවන විට ඊට සාර්ථකව මුහුණදීමට ජනතාව පියවර ගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ.