ඩොල්ෆින් මත්ස්‍යයින් 100 කට අධික ප්‍රමාණයක් පානදුර වෙරළට(VIDEO)

November 2, 2020 at 6:11 PM

පානදුර මුහුදු වෙරළට ඩොල්ෆින් මත්ස්‍යයින් 100කට අධික ප්‍රමාණයක් ගොඩ ගසා ඇති බව වාර්තා වනවා. මෙම තල්මසුන් අද පස්වරුවේ සිට මෙලෙස මුහුදු වෙරළට ගොඩ ගසා ඇත.

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදීත් ඇතැම් ප්‍රදේශවාසින් විසින් මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් යළි මුහුදට යොමු කිරීම සඳහා විශාල උත්සහයක් ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

පොලිසිය විසින් වෙරළාරක්ෂක බළකායේ ද සහය ඇතිව මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් නිරුපද්‍රිතව බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව සඳහන්.