ජනපති සහ අගමැතිගේ නම විකුණා සිදුකරන ඉඩම් මංකොල්ලය ගැන ඇමති නාමල් කතා කරයි

October 31, 2020 at 1:33 PM

මෑතකදී සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන ලද වීඩියෝවක් මගින් හෙළිදරව් කරන ලද ඉඩම් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ එම වීඩියෝව පළකරමින් කියා සිටියේ බලධාරීන් මේ පිළිබඳව සොයා බලන බවයි.

“මා සහ මගේ පවුලේ සාමාජිකයන් සමාජ මාධ්‍යවල පළවන මෙම වීඩියෝව දුටුවා. අදාළ බලධාරීන් මේ පිළිබඳව දැනටමත් සොයා බලමින් සිටී. මෙවැනි සිදුවීම් සැහැල්ලුවට ගැනීමට නොහැකි. මගේ පවුලේ කිසිවෙකු මෙයට සම්බන්ධ හෝ අනුබද්ධ නොවන බවට මට සහතික විය හැකිය. ”අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර සිටියි.