මතුගම සහෝදර ගැටුමක්. සහෝදරයා ට පිහියෙන් ඇණ අධිවේගයේ ලොරියකට පැන්න සොහොයුරා මරුට.

October 28, 2020 at 6:30 AM

මතුගම අලුත් ගං ගොඩ ප්‍රදේශයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකදී එක් සොහොයුරෙකුට පිහියෙන් ඇණ අනෙක් සොහොයුරා වාහනයකට පැන දිවි නසාගෙන ඇත.

ඒ අධිවේගී මාර්ගයේ ධාවනය වූ ලොරියකට පැනීමෙනි.

පිහි ඇනුමින් තුවාල ලද අනෙක් සොහොයුරා රෝහල් ගතකර ඇත.

මෙම දෙසොහොයුරන්ගේ මවද එම ගැටුම සිදුවූ නිවසේ අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව වාර්තා වේ.