20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ප්‍රශ්න ගත වගන්ති දෙකක් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
අද පෙරවරුවේ ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
ඒ අනුව කෙටුම්පතේ 14 සහ 22 වගන්ති ඒ ආකාරයෙන් සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ මතය වීතිබේ.
ඉන් 14වැනි වගන්තිය සංශෝධනය යට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ ද ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් අද පස්වරුවේ මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ එම ප්‍රශ්නගත වගන්ති දෙක ඉවත් කිරීමෙන් පසු කාරක සභා අවස්තාවේ සිදුකරන සංශෝධන ද ඇතුළත්ව කෙටුම්පත සම්මත කරගැනීම රජයේ අපේක්ෂාව බවයි.