පිළියන්දල බණ්ඩාරගම මාර්ගයේ බටුවන්දර හන්දිය අසල දී මෝටර් රථයක් සහ සිමෙන්ති පැට වූ ලොරි රථයක් අද (19) මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථයේ රියැදුරු එම ස්ථානයේදීම මිය ගිය බව පිළියන්දල පොලීසිය පවසනවා.
මියගොස් ඇත්තේ කහතුඩුව වෙනිවැල්කොල පාසල් මාවතේ පදිංචිව සිටි උදාර අමිල කසුන් (34) නම් විවාහක පුද්ගලයෙකි.
සිමෙන්ති පැටවූ ලොරිය කැස්බැව සිට බණ්ඩාරගම දෙසට පැමිණෙමින් සිටියදී බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ගමන් ගත් මෝටර් රථය ලොරියේ ගැටීමෙන් අනතුර වී තිබෙනවා. ලොරියේ ඉදිරිපස ගැටුනු මෝටර් රථය සිමෙන්ති ලොරියේ ඇමිණි මීටර් පහළොවක් පමණ බණ්ඩාරගම දෙසට එම මංතීරුව ඔස්සේ ඉදිරියට ඇදී ගොස් ඇතැයි පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.
අනතුර සිදුවු වහාම එම ස්ථානයට එක්රැස් වූ ප්රදේශවාසීන් බරපතළ තුවාල ලබා සිටි රියැදුරු මෝටර් රියෙන් පිටතට ගන්නා අවස්ථාවේ දී ඔහු මියගොස් තිබුණා.