නියමිත වයස් සීමාව ඉක්මවූ කාන්තාවක්ට යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසනයක් ලබා දීමට ජාතික තරුණ සේවා සභාව ක්‍රියා කළ බව පවසමින් එම මන්ත්‍රී ධුරයට තමන් නිසි හිමිකම් ඇති බව පවසමින් දින 07 ක කාලයක් අනුරාධපුරය ජාතික තරුණ සේවා පරිශ්‍රයේ ගොඩනැගිල්ලක වහලයක් මතට නැගී විරෝධතාවයේ යෙදී සිටින තරුණයාට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් පිළිතුරු ලබා දී තිබෙනවා. ඒ ඔහු විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබු පොස්ට්ටුවක් සම්බන්ධයෙනි.
” අද සවස 4 වන විට තමන්ට පිළිගත හැකි පිළිතුරක් නොලැබෙන්නේ නම් රටේ තාරුණයේ අයිතිවසියකම් වෙනුවෙන් ලේ පැල්ලමක් ඉතිහාස ගතවේවි යනුවෙන්” චතුප ඉන්දුජිත් යන මෙම තරුණයා සිය ෆේස්බුක් සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබුණා.
එම සටහනට පිළිතුරු ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ තබා තිබු සටහනයි මේ,
” ඔබ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් අපේක්ෂාවෙන් නම් මෙලෙස වහලයක් මත නැගී කටයුතු කරන්නේ ඔබගේ මෙම ක්‍රියාවෙන් යොවුන් පාර්ලිමේන්තුවකින් අපේක්ෂා කරන යහපත් අනාගත දේශපාලන සංස්කෘතියකට ලබාදෙන්නේ වැරදි ආදර්ශයක් බව මාගේ හැගීමයි. ඒවගේම ඔබගේ ප්‍රශ්නයට විසදුම් දීමට හෝ ඇහුම්කන්දීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා වුවද මා හට වහලයක් මත නැගීමට පළපුරුද්දක් නොමැති නිසා, ඔබට ගැටළුවට විසදුම් අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබදව වහලය මත නොව සාකච්ඡා මේසයකදී ගැටලුව ගැන සාකච්ඡා කිරීමට හැකියාව පවතිනවා. ඔබට යම් අසාධාරණයක් වී ඇත්නම් ඒ පිළිබදව සොයා බැලිය හැකි අතර ඔබ වහලය මත කාලය ගත කිරීමේදී කාලගුණය ද අවධානයට ගෙන වහලය මත පරිස්සමෙන් සිටින්න.”