ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු “වියත්මග” සභාපතිවරයා ලෙස ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේදී පළමු වරට සාමාජිකයන් හමු විය.
“වියත්මග” විවිධ ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි. 2016 වසරේ අප්‍රේල් මස ඇරඹී “වියත්මග” ක්‍රියාකාරීත්වය ජනතාවගේ දේශපාලන සමාජ චින්තනයේ ගැඹුරු වෙනසක් ඇතිකිරීමට සමත් විය.
දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම “වියත්මග” ඉදිරියේ ඇතැයි මා විශ්වාස කරමි.”
ජනපති මෙහිදී සඳහන් කළේ ය.
තවද ග්‍රාමීය,නාගරික ඇතුළු සියලු ජන කොටස් ආර්ථික සහ සමාජයීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපනය කර තිබේ. එකී අරමුණු ජයගැනීමට දායක විය හැකි ආකාරය එහිදී “වියත්මග” විධායක සභාව හමුවේ සාකච්ඡා විණි.
උප කමිටු සකස් කර යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කර රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට මග පෙන්වීමටත්, අමාත්‍යවරයා හමුවේ ඇති අභියෝගාත්මක අවස්ථාවලදී උපදෙස් දෙමින් සහාය වීමටත් හැකි බව සඳහන් විය.
සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් කරගෙන යාමට අවශ්‍ය මඟපෙන්වීම වියත්මග මඟින් ලබා දිය හැකිවන අතර “වියත්මග” විධායක සභාවේදී ගත් තීරණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට පැහැදිලි කළ අතර ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාව අවධාරණය කෙරිණි.
තවද විවිධ ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහිද අවධානය යොමු කෙරිණ.