බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම සහ මාගරින්, ෆාම් ඔයිල්, සීනි ඇතුළු බොහෝ අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5කින් වත් ඉහළ දැමීමට සිදුවී ඇති බව බේකරි සංගමයේ සභාපති ඒ.කේ. ජයවර්ධන පවසනවා.
බිත්තරයක මිල රුපියල් දෙකකින් පහළ දැමීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද පිටරටින් බිත්තර ගෙන ඒමට සූදානමක් තිබුණද ඒ සඳහා රජය අවසර ලබාදිය යුතු බව ඔහු සඳහන් කළා.
රුපියල් තුන්සියයට පමණ තිබූ මාගරින් කිලෝවක මිල මේ වනවිට රුපියල් හාරසියය දක්වා ඉහළ ගොස් ඇතැයිද ෆාම් තෙල් ලීටරයක් රු. 500ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළා.
