අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ඡායාරූප ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විද්‍යුත් මාධ්‍යවේදියකු නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කරනු ලැබුවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිදුකර ඇති වරදක් සම්බන්ධයෙන් පොලිසිය විත්තිකරුට කියාදී නොමැති බවද අත්අඩංගුවට ගත් වරද සම්බන්ධයෙන් කිසිදු කරුණක් පොලිසිය ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවද මහෙස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ඡායාරූප ගත කිරීම මත අත්අඩංගුවට ගත්තේ දැයි මහෙස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කළ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය අවට අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර නොමැති බවද ඒ අනුව කවරකුට හෝ එහි ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් චෝදනා නැඟිය නොහැකි බවද දැනුම් දී ඇත.
කොම්පඤ්ඤවීදිය පොලිසිය මඟින් මාධ්‍යවේදියා සමඟින් කැමරාවක් සහ දුරකථන 2ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
