ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තැපල්කරුවන් හරහා එකතු කරන්න යයි

September 9, 2020 at 12:03 PM

මෙරට ඇති ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය තැපැල් කාර්යාල මගින් එක් රැස් කිරිමට තීරණය කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.සමරසිංහ මහතා සඳහන් කළේ, තැපැල්කරුවන් උපයෝගී කරගනිමින්, එම කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

එක්රැස් වන ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය විදෙස් රටවලට යවා ප්‍රතිචක්‍රීයකරණය කිරීමට පියවර ගන්නා බවයි මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සඳහන් කලේ.