සෑම සතියකට වරක් අප වැඩ කරන ආයතන සම්බන්ධයෙන් මා ඇතුළු සියළු අමාත්‍යවරුන් ජනාධිපතිතුමන්ට වාර්ථාවක් සැපයිය යුතුව ඇතැයි තැපැල් සේවා හා ජනමාධවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් කියා සිටිනවා.මඩකලපුව ප්‍රධාන තැපැල් කාර්යාලයේ නිරික්ෂණයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.
2019 වර්ෂයේදී මිලියන 5000 ක පමණ අලාභයක් තැපෑල ලබා තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායමෙන් 70%ත් 80%ත් පමණ මුදලක් වැටුප් හා අතිකාල ගෙවීමට වැය වන බව දැන ගැනීමට ලැබී තිබෙනවා. තැපෑල ගොඩනැගීම සඳහා 2021 සිට 2025 දක්වා පස් අවුරුදු සැලැස්මක් දැනටමත් දෙපාර්තමේන්තු මට්ටමෙන් ඉදිරපත් කර ඇති බවද කී අමාත්‍යවරයා ඒ පිළිබඳව තමා අධ්‍යනය කර ඇති බවත්, ඉදිරියේදී අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
“රටේ සියළු දිස්ත්‍රික්ක වලට ගොස් ඒ ඒ දිස්ත්‍රික්ක වල තැපෑල් කාර්යාල වල අඩුපාඩු මෙන්ම සේවකයන්ගේ ගැටළු සම්බන්ධයෙන්ද සොයා බලා තැපෑල දියුණු කිරීමට අවශ්‍ය සියලු කටයුතු ඉදිරියේදී කිරීමට මා බලාපොරොත්තු වෙනවා. සතියේ සෑම බදාදා දිනයකදීම උදෑසන 7.00 සිට අමාත්‍යංශයේ සිටින නිසා ඕනෑම කෙනෙකුට තමා හමුවීමට හැකියාව ඇතැයි” අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.