මහනුවර අවට ප්‍රදේශ කිහිපයක් පසුගියදා සෙලවීමට ලක්වුණේ මහනුවර ආශ්‍රිතව පවතින ඩොලර්මයිට් නිධියේ ස්ථරවල ඇති වූ ආතතිය නිදහස් වීමකින් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.
මෙම සෙලවීම් දෙක සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කෙරුණු කමිටු වාර්තාවේ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මේ බව සදහන් කරන්නේ.
මයිලපිටිය, අනුරගම, හාරගම, පින්නගොල්ල, කුණ්ඩසාලේ, තෙල්දෙණිය හා තලාතුඔය යන ප්‍රදේශවල කිසියම් භූ චලනයක් පසුගිය 29 වනදා රාත්‍රී 8.30 ට ඇතිවී තිබුණා. පල්ලේකැලේ සවිකර ඇති භූ චලන මාපකයේ රිච්ටර් පරිමාණ ඒකක දෙකට අඩු කම්පන තත්වයක් ලෙසයි ඒය වාර්තා වී තිබුණේ.
කෙසේ වෙතත් පල්ලේකැලේ සවිකර තිබූ භූ චලන මාපකයේ හැර වෙනත් කිසිදු භූ චලන මාපකයක ඒවැනි භූ චලනයක් සිදුවී ඇති බවට දත්ත වාර්තා වී තිබුණේ නෑ. ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීමට භූ විද්‍යා කණ්ඩායමක් ඒම ප්‍රදේශ වෙත ගොස් තිබුණා. ඒසේ පරීක්ෂණ පැවැත්වෙන අතරතුර පළමු කම්පන තත්වය ඇතිවී දින තුනකට පසුව තවත් සුළු කම්පන තත්වයක් දිගන සහ අඹකොටේ යන ප්‍රදේශ වලින් වාර්තා වුණා.
ඒ අනුව මහනුවර ප්‍රදේශ කිහිපයක ඇතිවූ මෙම කම්පන තත්ත්ව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට භූ විද්‍යාඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරනු ලැබුවා. ඒම කමිටුව කරුණු තුනක් ඔස්සේ කරුණු අධ්‍යයනය කරනු ලැබුවා. කරුණු අධ්‍යයනයෙන් අනතුරුව කමිටුව ලබාදුන් වාර්තාවට අනුව අදාළ සිදුවීම් භූ කම්පනයක් නොවන බවයි පවසන්නේ.
මහනුවර ආශ්‍රිතව පවතින ඩොලමයිට් නිධියේ ස්ථරවල ඇතිවූ ආතතිය නිදහස් වීමේ අවස්ථා දෙකක් ලෙසින් මෙම තත්ත්වය ඇතිව තිබෙන බව වාර්තාවේ සදහන්.
මෙවැනි කම්පන තත්ත්ව වසරකට ලෝකය පුරා ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් සිදුවනවා. අදාළ පරීක්ෂණ වාර්තාව ලබන සදුදා දිනයේදී මාධ්‍ය වෙත නිකුත් කෙරෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසනවා.