රත්නපුර ඇඹ්ලිපිටිය ප්රධාන මාර්ගයේ මාදම්පේ කවුඩුවාව ප්රදේශයේදි ඊයෙ (04) ලංගම බස්රථයක් සහ පුද්ගලික බස්රථයක් ගැටී අනතුරක් සිදුවිය. එහිදී තරුණයකුගේ දකුණ අත වැළමිට අසලින් සම්පුර්ණයෙන් වෙන් වී තිබේ. ජනේල කවුළුව මත අත තබාගෙන යාම හේතුවෙන් මෙම තරුණයා ට මෙම අවාසනාවන්ත තත්වයට මුහුණ දීමට සිදු වී තිබේ. 2020-09-05