මහනුවර නගරයේ පොදු වැසිකිළි තුළදී පාසල් සිසුන් ලිංගික අතවරයට ලක් කරන කණ්ඩායමක්, මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින්අ ත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මහනුවර ප්‍රදේශයේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් හා උපකාරක පන්ති සඳහා සහභාගි වීමට නගරයට පැමිණෙන සිසුන්, තම ශාරීරික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පොදු වැසිකිළි වෙත යන අවස්ථාවලදී මෙම කණ්ඩායම සිසුන් බිය ගන්වා බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කරන බව ඊට මුහුණ දුන් සිසුන් පිරිසක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ දැනුවත් කිරීමෙන් අනතුරුව සය දෙනෙකුගෙන් යුක්ත අදාළ කණ්ඩායම අත්අඩංගුවට ගෙන තිබේ.
පොදු වැසිකිළි අසල සිවිල් ඇඳුමෙන් සැරසී සිටී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර අත්අඩංගුවට පත් වූවන් අතර ගුරුවරයෙකු ද සිටින බව මහනුවර මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
වින්දිත සිසුන් මේ පිළිබඳව නීතිමය පියවර ගැනීමට අකමැති වීම හේතුවෙන්, අදාළ සැකකරුවන්ට තරයේ අවවාද කොට මුදා හැරීමට පොලිසිය පියවර ගෙන තිබේ.