කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ පසුබෑමකට ලක්ව තිබෙන මෙරට සිනමා ක්ෂේත්රයට යළි ජීවයක් අත්කර දීම සඳහා සැකසුණු “සරසවිය – ස්කොප් සිනමා සොම්නස” චිත්‍රපට උළෙලේ ආරම්භක දර්ශනය වන්නේ මෙරට කලා ක්ෂේත්රයේ නොමැකෙන සටහන් තැබූ ජයන්ත චන්ද්‍රසිරි විසින් සිනමාවට නගන ලද ඔහුගේ නවතම සිනමා සිත්තම වන “මිදුණු විශ්වය” යි.
සිනමා අධ්යක්ෂවරයාගේ සයවන සිනමා වියමන වන මිදුණු විශ්වය තුළින් අතීතය සහ අනාගතය යන කාල වකවානු දෙකක ජීවත්වන කිසිදා භෞතිකව හමුනොවන චරිත දෙකක් අතර ගොඩනැගෙන අපූර්ව ආදරයක් පිළිබඳ රසවත් වෘත්තාන්තයක් පිළිබිඹු වන අතර එය සිදුවීමෙන් විද්‍යාත්මක සහ සෞන්දාර්යාත්මක තත්ත්වයන් පිළිබඳව ද කතා කරයි.
මිදුණු විශ්වය චිත්‍රපටය සිනමා ඉතිහාසය තුළ රූපණය නමැති විෂයය මුළුමනින්ම ප්රස්තුත කොට ගෙන නිර්මාණය වන පළමු චිත්‍රපටය වශයෙන් සැළකෙන මෙම චිත්‍රපටයේ උදාරි වර්ණකුලසූරිය, උද්දික ප්‍රේමරත්න, චුලක්ෂි රණතුංග, බුද්ධික ජයරත්න. ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, කුසුම් රේණු, දමිතා අබේරත්න, උදිත ගුණරත්න, ගාමිණි ජයලත්, දිමුතු චින්තක, දිලීප අබේසේකර ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපණයේ යෙදෙනවා.
මිදුණු විශ්වය කැමරාකරණය ප්‍රවීන් ජයරත්න වන අතර සංගීතය නවරත්න ගමගේ විසිනි. අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා ද සහාය අධ්‍යක්ෂණයෙන් නිමල් ෆ්රෑන්සිස්, සරත් සේනාරත්න හා තිස්ස ගුණතිලක ද නිෂ්පාදන කළමනාකරණයෙන් ප්‍රසන්න ඉත්තෑපාන ද රේඛිය නිෂ්පාදනයෙන් නිමල් විජේසිරි සහ නිෂ්පාදනය රූ සිනමා වෙනුවෙන් රුවන් ජයසිංහ ද මෙම නිර්මාණය සඳහා දායක වී තිබෙනවා.
කොවිඩ් 19 වසංගතයෙන් පසු යළි නැගිටීමට උත්සහ දරන ලාංකේය සිනමවාට ශක්තියක් වෙන්න, අවිවේකි මනසට විවේකයක් වෙන්න ඔබත් සැප්තැම්බර් මස 04 වෙනිදා ලිබර්ටි සිනමා ශාලාවේ දී තිරගත වන ” මිදුණු විශ්වය” චිත්‍රපටය නැරඹීමට ආරාධනා කරනවා.
සැප්තැම්බර් 04 වෙනිදා පෙරවරු 10.30, දහවල් 2.30 ට සහ පස්වරු 7.00ට “මිදුණු විශ්වය” චිත්‍රපටයේ විශේෂ දර්ශණ වාර 03ක් ප්‍රදර්ශණය කෙරෙනු ඇති.
අනෙක් චිත්‍රපට,
සැප්. 05 ගිරිරාජ් කෞශල්‍යගේ කතුරු මිතුරු
සැප්. 06 චන්න පෙරේරාලේ යුගාත්‍රා
සැප් .07 සුසිරන් සිල්වාගේ මිස් ජෙනිංස්
සැප්.08 උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 3