දිනපතා බීර බෝතලයක් හෝ වයින් වීදුරුවක් පානය කරන පුද්ගලයින් ගෙන් සීයයට 25ක ප්‍රමාණයක් තරබාරු වීමේ ප්රවනතාවයක් ඇති බවට ලොවපුරා මිලියන 26 ක පුද්ගලයින් ආශ්රයෙන් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
දකුණු කොරියානු පර්යේෂකයින් විසින් සිදුකළ සමීක්ෂණයේදී හෙළිවී ඇත්තේ දිනපතා මත්පැන් පානය කරන පුද්ගලයින් අධික තරබාරුව, අධික රුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගයන්ට ගොදුරු වීමේ ප්රවනතාවයක් පවතින බවයි.
විශාල ප්‍රමාණයේ වයින් වීදුරුවකට වැඩි ප්‍රමාණයක් හෝ බීර පයින්ට් එකක් නිතිපතා පානය කරන පුද්ගලයින් තරබාරු තත්ත්වයට පත්වීමේ සම්භාවිතාව සීයයට 42ක් බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුව ලෙස පර්යේෂකයින් සඳහන් කරන්නේ බීර සහ වයින් වල අධික කැලරි ප්‍රමාණයක් තිබීම, නිසි පරිදි ආහාර නොගැනීම සහ නින්දට බාධා එල්ලවිම බවයි.
මෙම තත්ත්වය යටතේ පුද්ගලයින් Metabolic Syndrome හෙවත් හෘද රෝග, දෙවන අදියරේ දියවැඩියා රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම, ආඝාතය වැනි රෝගයන්ට පහසුවෙන්ම ගොදුරු වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.