මහජන දිනයදා සියලු ඇමතිවරු සහ අමාත්‍යාංශ නිලධාරීන් කාර්යාලවල රැඳී සිටින්න : ජනපති අවධාරණය කරයි

September 3, 2020 at 12:31 PM

සෑම බදාදා දිනයක්ම මහජන දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති හෙයින් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ නිලධාරීන් අමාත්‍යාංශවල රැදී සිටීම අනිවාර්ය බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

මෙහිදී ඇතැම් අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ මහජන දිනයේදී රජයේ නිලධාරීන් අමාත්‍යාංශවල රැදී නොසිටින බවයි.

ඒ පිළිබඳව අවධානය යොමුකරමින් ජනපතිවරයා ඉහත දැනුම් දීම සිදුකර තිබේ. මෙහිදී මහජනතාව ඉදිරිපත් කරන ගැටලුවල හැකි තරම් ඒ අවස්ථාවේදීම පිළිතුරු ලබා දෙන ලෙස ජනපතිවරයා දැනුම් දී තිබේ.