ගනුදෙනුකරුවන් ‘නරක ගනුදෙනුකරුවන්’ (Bad Borrowers) ලෙස නම් කිරීම වෙනුවට ණය ගැනුම්කරුවන් සඳහා ලකුණු දීමේ ක්‍රමයක් හඳුන්වා දෙමින් ණය තොරතුරු කාර්යාංශය (CRIB) ප්‍රතිසංස්කරණය කිරීමට රජය සූදානම් වනවා.
මුදල් ප්රාග්ධනය වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කම්බරාල් සඳහන් කළේ පැහැර හැරීමකින් තොරව ණය ගෙවමින් සිටින ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව තවදුරටත් බැංකු පහසුකම් ලබාදීම මෙහි අරමුණ බවයි.
බැංකු නිලධාරීන් සමග මෑතකදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර ණය තොරතුරු කාර්යාංශ පද්ධතියේ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම සඳහා දැනටමත් ඇමැතිවරයා එහි සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනී වෙත උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව ගනුදෙනුකරුවන්ගේ ණය තොරතුරු වාර්තාවට (ක්‍රිබ් වාර්තාවට) ළඟදීම නව ලකුණු ලබාදීමේ ක්‍රමයක් එක් කිරීමට නියමිතය.
හොඳ ගනුදෙනුකරුවන් (Good Customers) පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගනිමින් ණය ගැනුම්කරුවන් ගැන තීරණ ගැනීමට බැංකු හා මූල්‍ය ආයතනවලට මෙමගින් හැකියාව ලැබෙන බවද ඇමැතිවරයා සඳහන් කරයි. එසේම එම ආයතනවල ණය කළමනාකරුවන්ගේ සහ නිලධාරීන්ගේ රාජකාරි පහසුවීමක් සිදුවේ.
මෙම ක්‍රමය යටතේ ගැනුම්කරුවන් නියමිත වේලාවට ණය වාරික සහ හිඟ වාරික ගෙවන්නේ නම් ඔවුන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබාදීමට නියමිතය.