” මගේ පවුලට සිදුවූනේ බිහිසුණු දෙයක්” බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සුරේෂ් රයිනා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජයේ දී පැවැත්වෙන මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන රයිනා පසුගියදා තරගාවලිය ආරම්භ වීමට පෙර තරගාවලියෙන් ඉවත් ව යළි ඉන්දියාව බලා පැමිණියා.
ඔහුගේ එම ක්‍රියාවත් සමග ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි සමග රයිනා ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් මෙලෙස ඔහු තරගාවලියෙන් ඉවත් වන්නට ඇති බවයි.
කෙසේ වුවත් සුරේෂ් රයිනා තමන්ට මුහුණදීමට සිදුව අභාග්‍ය සම්පන්න සිදුවීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ මෙසේ සටහන් කර තිබෙනවා.
“පන්ජාබයේ මගේ පවුලට සිදුවූ දෙය ඉතා බිහිසුණු දෙයක්. මගේ මාමා ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනාව තියුණු ආයුධ වලින් පහරදීලා තිබෙනවා. මගේ මාමා මියගියා. මගේ නැන්දා සහ ඥාති සහෝදරවරුන් දෙදෙනා බරපතල තුවාල ලැබුවා මෙම සිදුවීමෙන්.
අවාසනාවට මගේ ඥාති සහෝදරයා ද ඊයේ රාත්‍රියේ මියගියා. මගේ නැන්දා ගේ තත්ත්වය තවමත් බරපතලයි. ඇයව ජීවිතාරක්ෂක ආධාරක යන්ත්‍රයකට සම්බන්ධ කරලයි තියෙන්නේ.
මේ රාත්‍රියේ හරියටම සිදුවූයේ කුමක්ද සහ මෙය කළේ කවුරුන්ද යන්න ගැන අපිට කිසිදු දැනීමක් නැහැ. මේ පිළිබඳව සොයා බලන ලෙස මම පන්ජාබ් පොලිසියෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ට මෙම කුරිරු ක්‍රියාව කළේ කවුරුන්ද යන්න දැන ගැනීමට හෝ අයිතියක් තිබෙනවා. එම අපරාධකරුවන් වැඩි අපරාධ කිරීමට ඉඩ නොදිය යුතුයි” සුරේෂ් රයිනා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා.