බාලවයස්කාර දරුවන් ධිවර කර්මාන්තයේ යොදවා ගත්තොත් වැඩ වරදියි

September 1, 2020 at 11:03 AM

නීති විරෝධී ලෙස අසත්‍ය තොරතුරු ලබා දී බාල වයස්කරුවන් ධීවර කර්මාන්තයේ යොදවා ගන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද පවසනවා.

ජාත්‍යන්තර කම්කරු නීතිය උල්ලංඝනය කරමින් හා මෙරට නීතිවලට පටහැනිව බාලවයස්කරුවන් රැකියාවේ යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව කී ඇමැතිවරයා මින් ඉදිරියට ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් පිළිබඳව සොයා බලන බවයි.

මින් ඉදිරියට ගැනියකුගේ (ධීවරයෙකුගේ) සහ යාත‍්‍රා මුරකරුවකු ලෙස යාත‍්‍රාවකට රැගෙන යෑමේදී ජාතික හැඳුනුම්පත හෝ ධීවර හැඳුනුම්පත අනිවාර්ය බවත්, එසේ නොමැති නම් තමන් පදිංචි ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා නිලධාරිවරයාගෙන් අනන්‍යතාව තහවුරු කරගත් ඡායාරූප සහිත ලිපියක්ද, නවකයකු නම් තමන් පදිංචි ප‍්‍රදේශයෙන් ලබාගත් පොලිස් වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු බව ඇමැතිවරයා සදහන් කර සිටියේ.