ශ්‍රී ලංකාවේ ගංජා තහනම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්, අපනයනය කළොත් විදේශ විනිමය – ඇමැති බන්දුල

August 31, 2020 at 1:45 PM

ගංජාවලින් ඖෂධ වර්ග නිපදවා අපනයනය කළහොත් මෙරට සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා වැඩි විදේශ විනිමයක් ඉපයීමට හැකි බව ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන  පවසනවා.

කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පළකළා.

අද විෂ සහිත කේරල ගංජා භාවිතා කිරීමට සිදුව ඇත්තේ මෙරට ගංජා තහනම් කිරීමෙන් බවද ඔහු ප්‍රකාශ කළා.

ලෝකයේ වෙනත් රටවල නම් විශාල වශයෙන් ගංජා අපනයනය කරන නමුත් රාජ්‍යවාදීන්ට විරුද්ධ ලෙස ශක්තිමත්ව ගැටීම හේතුවෙන් ගංජා බ්‍රිතාන්‍යයන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද බව ද ඉතිහාසයේ ඇතැයිද ඔහු තවදුරටත් පැවසුවා.

ගංජා පදනම් කරගෙන ඖෂධ නිෂ්පාදනය කර අපනයනය කළොත් සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි බව පර්‌යේෂණ නිබන්ධනයක් කරමින් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පවසා තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.