රනිල් පාස්කු කොමිසමේ විමර්ශන ඒකකයට

August 31, 2020 at 10:04 AM

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කෙරෙන කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.

ඒ අදාළ කොමිසම විසින් කළ දැනුම් දීමකට අනුවයි.

රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ කාල වකවානුවේ අග්‍රාමාත්‍ය වරයා ලෙස කටයුතු කළේය.

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද ප්‍රකාශයක් දීමට එම ඒකකයට පැමිණ තිබේ.