මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3000ක් වෙයි

August 30, 2020 at 8:35 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 3000 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 05 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 2860ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 128 ක් වනවා.