ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදි කිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ප්‍රශ්නගත මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් මෙන්ම ලංකාගම ගම්මානයේ ජනතාවගේ ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කරනු ඇති බවයි.
මේ අතර පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් මෙම සංචාරයේදී සිංහරාජ වනාන්තරයේ පරිසරයට මෙම ව්‍යපෘතියෙන් යම් හානියක් සිදුවී තිබෙනවද යන්න සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයෙන් වාර්තාවක් ද කැඳවා ඇති බවයි.