මනුෂ්‍ය සාතන , කප්පම් ගැනීම් , හෙරොයින් ජාවාරම ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි නායකයකු වූ සමයංගේ ගෝලයකු වන කනත්ත ගමගේ ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.
ඊයේ නවගමුව පොලිස් අත්අඩංගුවට ගත් ඔහු එහි සිට ඔහු විසින් අපරාධ සදහා භාවිතා කල ආයුධ පෙන්වීම සදහා රැගෙන ගොස් ඇත.
යලි පැමිනීමේදී ඔවුන් ගමන් කල ජීප් රථයේ රියදුරුට අවහිර කර ජීප් රථය කැළණි ගඟට පෙරලීමට ගත් උත්සාහය වැලැක්වීම සදහා පොලිසිය එල්ල කල වෙඩි පහරකින් ඉන්ද්‍රා ජීවිතක්ෂයට පත්ව ඇත.
තුවාල ලැබූ පොලිස් නිලධාරීයෙක් ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරේ.