යතුරුපැදියකින් පැමිණෙන පුද්ගලයින් දෙදෙනෙක් විසින් කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ල කා පලා යන අයුරු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා. ගම්පොළ ශාන්ත ජෝසප් බාලිකා විදුහල අසලදී මෙම කොල්ලකෑම සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ එම විද්‍යාලයට දියණිය සමඟ පැමිණි මවකගේ රන් මාලයක්. ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කොල්ලකරුවන් සම්බන්ධ පරික්ෂණ පොලිසිය විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
Video :