දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ අද දිනයේ සිට දිවයිනට හිරු මුදුන් වන බවයි.
මේ අතර ලබන සැප්තැම්බර් මාසයේ සිට නොවැම්බර් දක්වා කාලය තුළ ලා – නීනා කාලගුණ සංසිද්ධිය අත්දැකීමට හැකිවනු ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසනවා. පෘථිවියේ උණුසුම් කාලගුණයක් ඇති කරන එල් – නිනෝ කාලගුණ සංසිද්ධියේ ප්‍රතිවිරුද්ධ තත්ත්වය වන්නේ ලා – නීනා කාලගුණ සංසිද්ධියයි.
ස්පාඤ්ඤ භාෂාවෙන් එල් – නිනෝ යනු පිරිමි ළමයා වන අතර, ලා-නීනා යනු ගැහැණු ළමයායි.
ලා – නීනා සංසිද්ධියෙන් ශීත කාලගුණයක් අත්දැකීමට හැකිවන අතර, එවැනි තත්ත්වයක් ඉදිරි මාස 3 තුළ වර්ධනය වීමේ සියයට 60ක අවස්ථාවක් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කරන්නේ.
එහෙත් ලෝක කාලගුණ වෙනස තුළින් ගෝලීය උෂ්ණත්වය වර්ධනය වීම හේතුවෙන් ලා – නීනා තත්වයකදී වුවද ලොව පුරා උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළකරන්නේ.
එමෙන්ම මේ වසර දැනට වාර්තාගත උණුසුම්ම වසර ලෙස තවදුරටත් පවතින අතර, ලැව්ගිනි, විනාශකාරී ජල ගැලීම් සහ උණුසුම් සාගර දියවැල් තවදුරටත් අපේක්ෂා කළ හැකි බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කළා.