කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසලට ගුවන් පාලම් දෙකක්

August 27, 2020 at 11:32 AM

කොළඹ වැඩිම වාහන තදබදය පවතින බවට ස්ථානය ලෙස හඳුනා ගෙන තිබෙන කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල ගුවන් පාලම් දෙකක් ඉදිකිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ගුවන් පාලම් දෙක ඉදිකිරිමේ යෝජනාව මහාමාර්ග අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.

මෙම ගුවන් පාලම් දෙක ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 06ක් වැය වෙතැයි ඇස්තමේන්තු ගත කර තිබෙනවා