වෙියන්ගොඩ පොලිසිය විසින් හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින චමින්ද කුමාර නොහොත් රගරා නැමති අය සමග සබදතා පවත්වමින් ඔහුගේ හෙරොයින් ජාවාරම සිදුකල සිව්දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ .
ඒ මහර බන්ධනාගාර නියාමකවරයෙක් , ගුවන් හමුදා මූලස්ථානයේ සිවිල් කාර්යමන්ඩලයේ සේවකයෙක් ඇතුලු පුද්ගලයින් 04 දෙනෙකු වශයෙනි.
හෙරොයින් ග්රෑම්ස් 15 ක් , යතුරු පැදි 02 ක් , රු 50000/- වැඩි මුදලක් , බැංකු පොත් 15 ක් , ඒ ටී එම් කාඩ් 13 ක් , ජංගම දුරකථන , විදුලි තරාදියක් ඇතුලු දේපල ද ඔවුන් සතුව තිබී වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .