ඇඹිලිපිටිය නගරයේ සිදුකළ වැටලීම් වලින් අලෙවි කිරීම තහනම් කරන ලද ආලේපන තොගයක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික තටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් කටයුතු කරන ලදී. මෙම ආලේපන වල අඩංගු අධික රසදිය සාන්ද්‍රණය සමට අහිතකර බව පරීක්ෂණ මඟින් සනාථ වී ඇති අතර වෙළෙඳපොල තුළ එවැනි ශරීරාලේපන වර්ග අලෙවි කිරීම තහනම් කර ඇත. අධිකාරිය භාරයට පත් වූ එම ආලේපන තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 2ක් පමණ වේ.