පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් ගන්න හිටපු ජනපතිගේ නිවසට පොලිස් කණ්ඩායමක්

August 26, 2020 at 9:55 AM

පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසට ගොස් තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබුණේ අද (26) පොලිස් ඒකකයට පෙනී සිටින ලෙසයි.

මීට පෙර එම පොලිස් ඒකකය විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද සිතාසි නිකුත් කර තිබුණා.