නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 23 දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වී ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
මෙලෙස වාර්තා වූ සියලුම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 18ක්, ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු, කුවේට්, ඉන්දුනීසියාවේ සහ තුර්කියේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුට මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2941 ක් වන අතර ඉන් සුවය ලබා ඇති රෝගීන් ගණන 2789ක් වනවා. මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 141ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
මේ අතර මෙරට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවා තිබෙනවා. ඊයේ දිනයේදී සිදුකර තිබෙන සමස්ත PCR පරීක්ෂණ ප්‍රමාණය 1590ක් වන අතර මෙරට සිදුකර ඇති සමස්ත PCR සංඛ්‍යාව 200,148ක්.
මේ අතර නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමෙන් නව රෝගී පොකුරක් ඇතිවූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සමස්ත රෝගීන් 629 දෙනා ගෙන් 580 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
මේ වන විට එම මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇතිවූ රෝගී පොකුරෙන් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 40ක් පමණක් බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.