STF ගුවනින් ගොස් කළ විශේෂ මෙහෙයුම (VIDEO)

August 21, 2020 at 8:27 PM

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායම් විසින් ගුවනින් හා ගොඩබිමින් මෙහෙයුම් ආරම්භ කොට නීතිවිරෝධී කංසා වගාවන් විනාශ කිරිමේ සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

වීරවිල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ගෙන් ලද ගුවන් නිරීක්ෂණ තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම් නිලධාරින් විසින් ගුවන් හමුදා නිලධාරින් සමග එකාබද්ධව මෙම මෙහෙයුම දියත් කරනු ලැබුවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කණ්ඩායම් 08ක් ගුවන් යානා 03ක් භාවිතා කර ගනිමින් ගුවනින් හා ගොඩබිමින් සිදුකළ මෙහෙයුමේදී අක්කර 04ක් පමණ භුමි ප්‍රදේශයක් තුළ ගංජා වගා කර ඇති ස්ථාන 08ක අඩි 04ක් පමණ උසට වැඩුණු ගංජා ගස් 159,630ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මෙම මෙහෙයුම් හම්බෙගමුව, කුඩාඔය සහ තණමල්විල පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකරනු ලැබුවා.