9 වන පාර්ලිමේන්තුවේ දෙවන දිනය අදයි. අද පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සැප්තැම්බර් 01 වැනිදා සිට අයවැය ඉදිරිපත් කරන තෙක් රජයේ වියදම් පියවා ගැනීම සඳහා එම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරන බවයි කැබිනට් නිවේදන දැනුම් දෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ.
ඒ අනුව, රුපියල් ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.