තොරතුරු පනත 19 න් 20ටත් එයි. කැබිනට් තීරණය මෙන්න

August 19, 2020 at 8:30 PM

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම සඳහා විද්වත් මණ්ඩලයක් නම් කිරිමට අවශ්‍ය නම් ඒ සඳහා පත්කළ යුතු පුද්ගලයින් ගැන අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරිමට ද අධිකරණ අමාත්‍යවරයාට අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී බලය ලබාදී තිබෙනවා.

නව ව්‍යවස්ථා සංශෝධනය කිරීමේදී තොරතුරු දැන ගැනීමේ පනත, ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05කට සිමා කිරිම සහ දෙවරකට වඩා ජනාධිපතිධුරයදැරිම වැනි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ගෙනා ආ කරුණු වෙනස් නොකිරිමට අද රැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම 2020 වර්ෂයේ ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් පවත්වාගෙන යෑම සඳහා අතුරු සම්මත ගිණුමක් හෙට දිනයේදී මුදල් අමාත්‍ය හොබවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියා.

2021 වසර සඳහා වන අයවැය බොහෝ විට ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

නව රජයේ පළමු කැබිනට් රැස්වීමේ තීරණ මෙම ලින්කුව ඔස්සේ නරඹන්න.

2020.08.19 වැනි දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති නව රජයේ ප්‍රථම කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව…

Posted by Department of Government Information – Sri Lanka on Wednesday, 19 August 2020