සරුංගල් යවන ලොකු පොඩි සැමගේ අවධානයට ලංකා විදුලිබල මණ්ඩලයෙන් පණිවිඩයක්!

August 16, 2020 at 4:15 PM

සරුංගල් යවන ලොකු පොඩි සැමගේ අවධානයට ලංකා විදුලිබල මණ්ඩලයෙන් පණිවිඩයක්!

විදුලි රැහැන් හා විදුලි බල මණ්ඩලයේ උපපොළ ආදී උපකරණ පවතින ස්ථාන අසල අසල සරුංගල් පියාසර කිරවීම අතිශය භයානක වන අතර සරුංගලයක් විදුලි රැහැනක පැටලීම විදුලි සැපයුම බිඳ වැටීමට පමණක් නොව ජීවිත හානි වීමට පවා හේතු විය හැකිය.

සරුංගල් ආරක්ෂිතව පියාසර කරවීමට උපදෙස්:

• විදුලි රැහැන් හා විදුලි බලය සැපයීමට සවිකර ඇති උපකරණ නොමැති විවෘත ප්‍රදේශයක ඔබේ සරුංගල් පියාසර කරවන්න.
• ඔබේ සරුංගලය සුළඟට විදුලි රැහැනක් දෙසට ඇදී යන්නේ නම්, නොපැකිළ එය අතහැර දමන්න.
• ලෝහමය වයර් හෝ එවැනි කොටස් යොදා සාදන ලද සරුංගල් පියාසර කිරීමෙන් වළකින්න.
• වර්ෂාව පවතින විට සරුංගල් පියාසර කරවීමෙන් වළකින්න.
• තෙමුනු හෝ තෙත් භාවයක් සහිත සරුංගලයක් කිසි විටෙකත් පියාසර නොකරන්න.
• විදුලි රැහැන්වලට හසු වූ සරුංගලයක් හෝ කිසියම් වස්තුවක් ඉවත් කිරගැනීමට කිසි විටෙකත් උත්සාහ නොකරන්න.
• හදිසි අවස්ථාවකදී වහා 119 හෝ 1987 අමතා දැනුම් දෙන්න.

ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය ශාඛාව
ආයතනික ක්‍රමෝපාය අංශය
ලංකා විදුලිබල මණ්ඩලය