ධවල මන්දිරයෙන් පිටත සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් එක්සත් ජනපද රහස් ඔත්තු සේවය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ජාවක් අතර වාරයේදී ඉන් පිටතට රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා.
ධවල මන්දිරයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් සිටි ජනාධිපතිවරයා අසලට පැමිණි ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුව තිබෙන සිද්ධිය සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරිමක් සිදුකොට ජනාධිපතිවරයාව එම ස්ථානයෙන් කෙටි වෙලාවක් සඳහා පිටතට රැගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
මිනිත්තු කිහිපයකට පසු ජනාධිපති ට්‍රම්ප් නැවත මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ධවල මන්දිරයට ආසන්න මාර්ගයකදී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් කිරීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට ගෙන ගොස් ඇති බවයි.
“එය ධවල මන්දිරයෙන් පිටත වෙඩි තැබීමක්. තත්ත්වය ඉතා හොඳින් පාලනය කර තිබෙනවා. රෝහලට රැගෙන ගිය පුද්ගලයාගේ තත්ත්වය තමන් නොදන්නා බව” මෙහිදී ජනාධිපති ට්‍ර්ම්ප් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර සිටියා.