කුඩු ඇද්ද පුසා හිරෙන් පනියි

August 3, 2020 at 7:05 AM

මැගසින් බන්ධනාගාරයට හෙරොයින් ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැකකෙරෙන බළලා අතුරුදන්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන බව අරුණ පුවත්පත වාර්තා කරයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පෙරේදා (01) මැගසින් බන්ධනාගාර අසලදී බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් භාරයට ගනු ලැබූ බළලාය.

එම බළලාගේ ගෙලෙහි බැඳ තිබූ ඉටිකවරයක තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් හතක්, සිම් කාඩ්පත් දෙකක් මෙමරි කාඩ්පතක් බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන තිබේ.

මෙම බළලා ලවා හෙරොයින් යවා ඇත්තේ කුමන රැඳවූවකුට ලබාදීමටද යන්න සෙවීම සඳහා විමර්ශන ආරම්භ කොට ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

බළලා අතුරුදන්ව ඇත්තේ අත්අඩංගුවට ගෙන කාමරයක රඳවා සිටියදී බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.