රවී සහ රිෂාඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

July 27, 2020 at 10:31 AM

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් වව්නියාව, ඉරට්ට පෙරියකුලම් ප්‍රදේශයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයට පැමිණ තිබෙනවා.

මේ අතර මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු අමාත්‍ය රවී කරුණානායක ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය හමුවට පැමිණියා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉකුත් සිකුරාදා නියෝග කළේ මෙම හිටපු ඇමතිවරුන්ට අද දින පෙරවරු 9.30 සිට 1.30 දක්වා අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට ප්‍රකාශ ලබා දිය යුතු බවයි.