අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ ණය යෝජනා ක්‍රමයක් මගින් විදෙස් ගත ශ්‍රමිකයින් හට සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 05ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු කිරුළපන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශගත ශ්‍රමිකයින්ගේ දුරකථන අංක වලට සහන පොලී ණය ලබාදෙන බවට දැනුම් දී එම ශ්‍රමිකයින්ගේ මෙරට පවතින බැංකු ගිණුම් වල විස්තර ඔවුන් ලබා ගෙන ඇත.
එලෙස තොරතුරු ලබාගත් ගිණුමකින් රුපියල් ලක්ෂ 05ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගෙන ඇති බවට කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලක් මත පොලිසිය මෙම විමර්ෂණය ආරම්භ කර ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටබැද්දර, නාරාහේන්පිට හා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් 05 දෙනෙකුය.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ රියදුරු බලපත්‍ර සාදා ගැනීමට යොදා ගත් ලැප්ටොප් පරිඝණකයක්, බැංකු කාඩ්පත්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා ලැමිනේටින් කිරිම යොදාගන්නා උපකරණයක්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා කාඩ්පත් 925, ව්‍යාජ රබර් මුද්‍රා දෙකයි, ව්‍යාජ ලෙස සකස් කළ රියදුරුබලපත්ර 61ක් සහ ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර 05ක් ද වන බවයි පොලිසිය සඳහන් කළේ.
මීට අමතරව මෙම ජාවාරමට යොදා ගත් කාර් රථයක් සහ වෑන් රථයක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.