ළමුන්ව අපයෝජනය කොට වීඩියෝ කළ උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට

July 26, 2020 at 2:53 PM

පිරිමි ළමුන් 20 දෙනෙකුට වඩා වැඩි පිරිසකට අවස්ථා ගණනාවකදී ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත 54 හැවිරිදි ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ උපකාරක පන්ති ගුරුවරයෙකු ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (25) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකරු පිරිමි ළමයින්ට අතවර කිරීමේ දර්ශන පටිගත කර ඇති බවයි.