මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ඇතැම් අපේක්ෂකයින්, මැතිවරණ ප්රචාරක දැන්වීම් සහ පත්රිකා සඳහා තමන් හමුවීමට පැමිණි අවස්ථාවේ ගත් ඡායාරූප භාවිත කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් කාදිනල්තුමන් පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් කාදිනල්තුමන් පෙන්වාදෙන්නේ ඔවුන් එලෙස කටයුතු කරන්නේ සිය අවසරය හෝ කැමැත්තකින් තොරව බවයි. තමන් හෝ අගරදගුරු පදවිය කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් සමග පක්ෂ දේශපාලනයේ නොයෙදෙන බවයි කාදිනල් හිමිපාණන් සඳහන් කළේ.
තමන්ගේ හෘද සාක්ෂියට අනුව තමන් කැමති අපේක්ෂකයෙකුට හෝ පක්ෂයකට ජන්දය ලබාදිමට හැකි බවයි මෙහිදී කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් පෙන්වා දී සිටින්නේ.