සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් මර්දනය හා මැඩපැවැත්වීම උදෙසා ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ මාර්ගෝපදේශ බිම් මට්ටමින් ක්‍රියාත්මක නොවීම පිළිබඳව අද (16) රැස්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව සාකච්ඡා කර තිබෙනවා.
මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුවට වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිලධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු අයත් වනවා.
PCR පරික්ෂණවල වත්මන් තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ඡාවට ගැනුන අතර මෙම වසරේ පෙබරවාරි මස 18 දින සිට ඊයේ (15) දින දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි PCR පරික්ෂණ 131,527 ක් සිදු කොට ඇති බව එම සාකච්ඡාවේ දී හෙළිවී තිබේ.
ඊට අමතරව කොවිඩ් පැතිරීම පාලනයට පහත පියවර ගත යුතු බව ට තීරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
1. මහජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද, මාර්ගෝපදේශ, නිර්දේශ හා නිර්ණායක අනුගමනය කරනවා ද යන්න නිරික්ෂණයට ඒකකයක් ස්ථාපිත කර ඒ පිළිබඳ පසුවිපරම් කිරීම.
2. ප්‍රවාහන, ඖෂධශාලා, වෙළෙඳ සංකීර්ණ, රෝහල් සහ රැකියා ස්ථානවල මුලිකවම අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් නිසි පරිදි සිදුවෙනවා යන්න සොයාබලා සවිබලගැන්විමට කටයුතු කිරීම.
3. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශ බලාත්මක කරමින් ඒ තුළින් මහජනතාවට වෛරසයේ අවධානම ගැන දැනුවත් කිරීමට හා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට ඒත්තුගැන්වීමට කටයුතු කිරිම.
4. ආශ්‍රිතයින් හඹා ගොස් පරීක්ෂා කිරීමේ කටයුතු ශක්තිමත් කිරීම.