මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසු වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
අද (15) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාවේ දී මේ පිළිබඳව අවධානය යොමු වු බව අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු ඒ බව ප්‍රකාශ කර සිටියා.
වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් යලි ලබන 21 වෙනිදා මැතිවරණ කොමිෂන් සභාව රැස්වී සමාලෝචනයක් කිරිමට බලාපොරොත්තුවන බව මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියා.
ඒ අතර පැෆ්රල් නිරීක්ෂකයන් අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපමාව ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට රජය පියවර ගත යුතු බවයි.
අද මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් විසින්ද එම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවා.