සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා විය හැකියි – සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්

July 13, 2020 at 11:44 AM

කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථාන දෙකේ ආශ්‍රිතයින් සමාජය තුල සංචරණය කර ඇති බැවින් ඔවුන් හරහා වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වී ඇත්නම් ඉදිරියේදී කොරෝනා ආසාදිත රෝගීන් හමුවීමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ රාජාංගනය, වැලිකන්ද සහ හබරාදුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත උපදේශකවරුන් ගේ සංචරණ සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් හා ඇසුරු කළ පුද්ගලයින් ගැන බුද්ධි අංශ විසින් සොයා බලා ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් පවතින බවයි.

වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත උපදේශකවරයා ගේ පුත්‍රයා පාසැල් ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කොට ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.